ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි.
ඇයගේ දෙමව්පියන් පවසන්නේ පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවත් , මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවත් ය.
තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණියගේ මව මෙලෙස සඳහන් කර තිබේ .
“තවම ඇය ගැන තොරතුරක් නැහැ. අපි මේ බලාගෙන ඉදලා බැරිම තැන තමයි මාධ්‍යට කිව්වේ. මගේ දුව ව කවුරුහරි දැකලා තියෙනවා නම් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”
