දැරියක් අතුරුදහන් .

නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ(15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබෙන බවට වාර්තා වේ.

පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර දරුවාගේ මවගේ නංගි සහ වෙනත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස දරුවා බැලීමට පැමිණ තිබෙන බව සදහන්.

ඒ අනුව තමා කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින අතරතුර 7.10ට පමණ දරුවා නිවසේ නොමැති බවට ආරංචි වූ බවත් මවගේ නංගි දරුවා රැගෙන යන්නට ඇතැයි සැක කරන බවත් දැරියගේ පියා පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සදහන්.

නෙලුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.

Exit mobile version