දැරියක් ඝාතනය කොට බැගයක දමා නිවසක දොරක එල්ලලා.

වයස අවුරුදු 2 ක් වයසැති දැරියක් ඝාතනය කොට බෑගයක දමා දැරියගේ නිවසට යාබද නිවසක දොරක එල්ලා තිබු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවේ.

අදාළ දැරියගේ පියා රැකියාවට ගොස්  සිටියදී මව අසල පිහිටි වෙළද සලකට ගොස්තිබේ. එම කාලය තුල මෙම දියණිය අතුරුදහන බව ඇයගේ දෙමාපියන් විසින් පසුගිය සිකුරාදා දින පොලිසියට දැනුම් දී ඇති බව වාර්තාවේ.

ඉන්දියාවේ නොයිඩා ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇතිඅතර සිරුර තිබු නිවසේ නිවැසියන් ප්‍රදේශය අතහැර ගොස් ඇති බව පැවසේ.

මරණ පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත්තේ දැරියගේ ගෙලසිර කොට මෙම ඝාතනය සිදුකොට ඇති බවත්  දැරිය ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්ය.

Exit mobile version