ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) යනු විවිධ ආයතන විසින් පිරිනමනු ලබන සුදුසුකම් හඳුනා ගැනීම සහ ප්‍රතීතනය කිරීම තුළින් උසස් අධ්‍යාපනයේ සහ පුහුණුවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නව රාමුවකි.
එය ශ්‍රී ලංකාවේ සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිනමන සුදුසුකම් ඇතුළත් විවිධ මට්ටම් හඳුනා ගැනීමට සහ එම සුදුසුකම් අර්ථ නිරූපණය කිරීමට සහ සුදුසුකමක සාපේක්ෂ වටිනාකම විනිශ්චය කිරීමට උපකාරී වන්නකි.
මෙමගින් ඉගෙන ගන්නන්ට තමන් ලබා ගැනීමට අදහස් කරන සුදුසුකම් පිළිබඳව දැනුවත් තීරණ ගැනීමටද හැකියාව ලැබෙන බව වාර්තා වේ.
මෙම කාල සීමාව යනු විශ්ව විද්‍යාලවලට තේරී පත් වූ දරුවන් ඉතා සතුටින්ද විශ්වවිද්‍යාල වරම් අහිමි වූවන් දැඩි කනස්සල්ලෙන්ද පසු වන කාල වකවානුවකි.
විශ්වවිද්‍යාල වරම් අහිමි වුවද එම සිසුන් කිසිවිටෙකත් පසුතැවිලි විය යුතු නැත.
එනම් විශ්වවිද්‍යාලවලට තේරි පත් වූ සහ තේරී පත් නොවූ යන දෙපාර්ශවයටම අයත් කිසිවෙකුත් අසරණ නොවන බැවිනි.
ඒ විශ්වවිද්‍යාලවලට තේරි පත් වූ දරුවන් තෝරා ගත යුතු පාඨමාලා පිළිබඳව සහ විශ්වවිද්‍යාල වලට තේරී පත් නොවූ දරුවන් ගමන් කළ යුතු ගමන් මග පිළිබඳව සවිස්තරාත්මකව සිංහල , ඉංග්‍රීසි සහ දමිළ භාෂාවන් වලින් ඇති පහත පොත් පරිශීලනය කිරීමෙන් දැනගත හැකි බැවිනි.
https://drive.google.com/file/d/1BYUg9KfPXcHJ8nBr5J9t2PWhSVUhdQbW/view?usp=drive_link
https://drive.google.com/file/d/1iyvLPRsbG0SaFUb-RlWAD4PiCL_32Sgt/view?usp=drive_link
https://drive.google.com/file/d/1X5nUQWoE_8I02Hrpx2GbEJz-RD9QnmNv/view?usp=drive_link
එලෙසම විශ්වවිද්‍යාල වලට තේරී පත් වූ දරුවන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දුන් මාර්ගෝපදේශ මාලාව පහත වීඩියෝවෙන්,
උසස් පෙළ සමත් නම් යා යුතු මාර්ගයත් අසමත් නම් යා යුතු මාර්ගයත් SLQF ක්‍රමවේදය ඔස්සේ නිවැරදිවම පැහැදිලි කර දෙන අයුරු පහත වීඩියෝවෙන්,