විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සුභ පණිවිඩයක් .

උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මනින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මහාචාර්යවරුන්ට උත්තරපත්‍ර පරික්ෂාව සදහා 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩි කර ඇති බවය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ගුරු සංගම් එක්ක සාකච්ඡා කරලා, මීට මාස 2කට කලින් ඒ අයගේ දීමනා වැඩිකරන්න. සංයුක්ත දීමනාව වැඩි කළා අපි රු 2000කින් ඒ අයට කිලෝ මීටර් 80කට වැඩි අයට රු 2,900කින් වැඩි කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් උත්තර පත්‍ර පරීක්ෂා කරන කටයුත්තේ දී ඒ අයට ලැබුණු සංඛ්‍යාවට වඩා 90%කට වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩි කළා. උදාහරණයක් ලෙස රු 50,000ක් ලැබුණ කෙනාට 10,5000 හම්බෙනවා. මිලියන 400කට වැඩි ප්‍රමාණයක් ගුරුවරුන් උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඒ පරීක්ෂණ කටයුතුවල දීමනාත් වැඩි කරන්න භාණ්ඩාගාරය එකඟවෙලා තියෙනවා. බුද්ධි අංශ වාර්තා කරනවා උත්තරපත්‍ර පරීක්ෂා කිරීම පමා කිරීම තුළින් අවුරුදු 18 – 20 තරුණයින් දැඩි අසහනයට පත්වෙනවා කියලා. මම ඉතා ඕනෑකමින් ඉල්ලනවා ගුරු සංගම් බොහෝදුරට එකඟවෙලා තියෙනවා මේ කටයුත්තට අවතීරණ වෙලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. මම හිතනවා අද හෝ හෙට විශ්වවිද්‍යා ආචාර්යවරු මේකට අවතීරණ වෙයි.”

Exit mobile version