මහා ඛේදවාචකයක්.

ලිබියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 2,300ක් මියගොස් තවත් පුද්ලගයින් 10,000 පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජලයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු ගොඩගැනීම සඳහා සහන කණඩායම් කටයුතු කරමින් සිටින බවයි.

ගංවතුර තත්ත්වයෙන් දරුණුතම බලපෑමට ලක් ව ඇත්තේ ලිබියාවේ ධර්නා නගරය බවට විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

ඩැනියෙල් කුණාටුව ඇති වූ විට ධර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරය සම්පුර්ණයෙන්ම යට වී ඇති බව වාර්තා වේ.

Exit mobile version