ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ .
චීනයේ Hangzhou ක්‍රිකට් පිටියේ පැවති අර්ධ අවසාන පූර්ව වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තායිලන්ත කණ්ඩායම පරාජය ලැබීය.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 15කට සීමා වූ අතර එහිදී මුලින්ම පන්දුවට පහරදුන් තායිලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 15දී කඩුලු 7ක් දැවී ලකුණු 78ක් රැස්කළේය.
ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10ට කඩුලු 4යි.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ගණන පන්දු ඕවර 10.5කදී කඩුලු 2ක් පමණක් දැවී ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරන ලදී.
අනුෂ්කා සංජීවනී ලකුණු 32ක් රැස් කළාය.
