හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙසට ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හදුන්වාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.
තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින් ,හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන්ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සදහා සහභාගිවීමට මෙරටට පැමිණි ආයෝජකයන් පිරිසක් සමග ඊයේ (27) ජනාධිපති කාර්‍යාලයේ පැවති හමුවකදීය.
