සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සදහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
මෙහිදී අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමට අවස්ථාව ලැබෙන බවත් එමගින් දරිද්‍රතාවයෙන් පෙළෙන සහ අවදානමට ලක් විය හැකි ජන කොටස් සදහා අවශ්‍ය සහය ලබා දිය හැකි බවත් ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බවද අදාළ නිවේදනයෙහි සදහන්.
