පොතුවිල් මුහුදු මහා විහාරයේ භාවනාගෝගීව සිටි හිමිනමකට පහර දුන් පිරිසක් සොයා පොතුවිල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
මෙම හිමිනම භාවනායෝගීව සිටියදී හත් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ හිමිනමට පහර දී ගල් ලෙන තුළ තිබූ මුදල් සහ ජංගම දුරකථනයක් පැහැර ගෙන ගොස් ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හිමිනම විසින් පොතුවිල් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .
සිදු කළ විමර්ශන කටයුතු හරහා අස්ථානගත වූ ජංගම දුරකථනය ගල්ලෙන ආසන්නයේ තිබියදී සොයා ගෙන ඇති අතර සැකකරුවන් සොයා වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ .
