ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට .

තියුණු ආයුධ රැගෙන ත්‍රීරෝද රථයකින් ගොස් කොල්ල කෑමට තැත් කළ තිදෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

එම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 7කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් , කඩුවක් , තහනම් පිහියක් , මාංචු කුට්ටමක් , 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 25ක් හා 845 වර්ගයේ ජීව උණ්ඩ එකක් පොලිස් භාරයට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම , හොරණ ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙකු සහ මෝටර් කාර්මිකයෙකි.

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙරද විවිධ අපරාධ සඳහා පොලිස් අත්අඩංගුවට පත්වූවන් බවයි.

මොවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version