ගෝනුන් දඩයමේ ගිය මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයින් 5 දෙනෙකු පන්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් වන අතර සැකකාර පුද්ගලයින් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි දෙකක්,ඔවුන් පැමිණි වෑන් රථය,ඊයේ (12) රාත්‍රියේ ඝාතනය කළ කිලෝ ග්‍රෑම් 100 කට අධික බරින් යුක්ත ගෝනෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
