පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද මධ්‍යම කාරක සභාවට.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනා වෙත ලිපි යොමු කරමින් අද (14) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (14) පස්වරු 6.00 ට ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version