කඳවුරු බැඳ දඩයම් කරන්න ගිය පිරිසක් වටලයි.

කඳවුරු බැඳ දින ගණනක් විල්පත්තුව වන උද්‍යානය හා තබ්බෝව අභය භුමියේ දඩයමේ ගිය පුද්ගලයින් 13 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි අවි , යතුරු පැදි සහ දඩයමට යොදා ගත් පිහි  සමඟ වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි කාර්යාල ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලව , පුත්තලම ඇතුළු ප්‍රදේශ කිපයක සැකකරුවන් පිරිසක් වන අතර මොවුන්  අවුරුදු 35, 40,45,50,60, 67 යන වයස් සිමා වල පසුවන්නන් බව සඳහන්.

නියඟය හේතුවෙන් දිය සොයා විල්පත්තුව ජාතික වන උද්‍යානය හා තබ්බෝව අභය භුමියට මැදින් පිහිටි කල ඔයට පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා දින ගණන් කඳවුරු බැඳ සිටින කල්ලියක පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සන්තකයේ තිබී බෙහෙත් කොටන ගිනි අවියක් හා බෝර 12 ගිනි අවියක්,පිහි ,විදුලි පන්දම්, මුනිස්සම් පුරවන පතොම් කොපු,මුනිස්සම් , අහස්කුරු, යතුරු පැදි 7 ක් , යතුරු පැදිවලට සුළං ගැනිමට භාවිතා කරන උපකරණයක් ,කුඩාරම්,සැකකරුවන් සතු ජංගම දුරකථන ඇතුළු තවත් රැසක් සොයා ගෙන ඇති අතර මෙම වැටලිම සිදු කරන අතරතුරේ දී තවත් සැකකරුවන් 8 දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම  එම සැකකරුවන් ද අත්අඩංගුවට ගැනිම සදහා  වනජීවි කණ්ඩායමක් යොදවා තිබේ.

Exit mobile version