ලෝක රග්බි සංගමයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට.

දේශපාලන බලපෑම් එල්ල වනවා යැයි කියා මේ වන විට තහනමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා රග්බි අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලෝක රග්බි සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන මස 4 වන දින දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන අතර එහිදී රිස්ව් ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු නිලධාරී මණ්ඩල , ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් 11 වන දින ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමෙන් අනතුරුව ලෝක රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version