කොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් ඩීසල් සොරකම් කළ ඉංජිනේරුවෙකු ඇතුළු සිව් දෙනෙකු වෙරළබඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස සොරාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුතු ඩීසල් ලීටර් 3300 ක් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.