පාසලක ගණිතාගාරයක් කඩා භාණ්ඩ විකුණූ සිසුන් පිරිසක් අත්අඩංගුවට.

නාන්නේරිය මහා විද්‍යාලයේ ගණිතාගාරය කඩා භාණ්ඩ සොරා ගත් සිසුන් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකාර සිසුන් තිදෙනා විසින් ගණිතාගාරයේ ජනේලය කඩා එයට ඇතුළු වී එහි තිබූ ටැබ් පරිගණක යන්ත්‍ර 7ක් , ඩෙක්ස්‍ටොප් පරිගණක උපාංග කොටස් සොරා ගෙන ඇති අතර ඒවා ව්‍යාපාරිකයන් හට අලෙවි කර තිබියදී සොයා ගෙන ඇති බව සඳහන්.

මෙම සිද්ධියට අදාළව එම ව්‍යාපාරිකයන් පිරිසද අත්අඩංගුවට ගෙන ඇති අතර සියලු සැකකරුවන් අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version