ගුවන් යානා මෙහෙයුම්වල වර්ධනයක්.

පසුගිය වර්ෂය සමඟ සැසදීමේ දී මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී මෙරට ගුවන් යානා මෙහෙයුම්වල 7%කින් සහ මගී මෙහෙයුම් 20%කින් ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු කාර්තුවේ දහතුන් ලක්ෂ හැත්තෑ හතරදහස් එකසිය තිහක්ව පැවති ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී දහසය ලක්ෂ පනස් එක්දහස් තිස් නවයක් දක්වා වර්ධනය වී ඇති බවත් , පසුගිය වර්ෂයේ නවදහස් තුන්සිය පනස් හතක් වූ ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව මෙම වර්ෂයේ දී පළමු කාර්තුවේ දී දහදහස් දහ අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

එමෙන්ම වර්තමානය වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෛනිකව ගුවන් මගීන් දහඅටදහසකට අධික සංඛ්‍යාවකට සහ ගුවන් යානා එකසිය විස්සකට පමණ සේවා සපයන බවත් වාර්තා වේ.

Exit mobile version