මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පාරිභෝගිකයෙකුට උදෑසන ආහාර වේල සදහා ලබා දුන් පරිප්පු හොද්දක හැකරැල්ලෙකු සිටීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් ඔස්සේ ක්‍රියා කළ මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ආපන ශාලාවට සීල් තබා හිමිකරුට එරෙහිව ඊයේ (09) දින නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවට වාර්තා වේ.
මෙම හැකරැල්ලා හමු වී ඇත්තේ අදාළ පාරිභෝගිකයා පරාටා රොටී දෙකක් කෑමට ලබා ගත් පරිප්පු හොද්දේ තිබියදී ය.
එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තවදුරටත් ආපන ශාලාව පරික්ෂා කිරීමේදී පොල් සම්බෝලයක සිට කෘමීන් කිහිප දෙනෙකුද හමුවූ බැවින් එම ප්‍රදේශයේ අනෙකුත් වෙළෙදසැල් ද දැඩි ලෙස පරික්ෂාවට ලක් වුණි.
