ඊශ්‍රායලයේ නගර කිහිපයකට කඩා වැදුණු පලස්තීන ඉස්ලාමීය හමාස් සංවිධානයේ තුවක්කුකරුවන් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ඉරානයේ පිටුබලය ලබන හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් බරපතළ වරදක් සිදු කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
එසේම මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් 22ක් පමණ මියගොස් ඇති බව සදහන්.
