ආණ්ඩුවේ පළුවක් විපක්ෂයට යයිද?
සජබ කොටසක් ආණ්ඩුවට එයිද?
නාමල් විපක්ෂ නායක වෙයිද?
වර්තමාන රජයේ ප්‍රධානීන් එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය තුළට දමමින් පිට පිට බොරු ප්‍රවෘත්ති මවමින් ගොබෙල්ස් න්‍යාය අනුව එය මිනිසුන්ගේ මනසේ සත්‍යක් ලෙස ස්ථාපිත කිරීමේ දරුණු කුමන්ත්‍රණයක නියැලී සිටින බවත් ඒ යටතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් රජයට එක්වන බවට වන ප්‍රචාරයක නියැලී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහෙත් පාර්ලිමේන්තුවේ ඇති සැබෑ සත්‍ය නම් චන්දිම විරක්කොඩි, ජයන්ත හේරත් වැනි පොහොට්ටුවේ විශාල කණ්ඩායමක් විපක්ෂයට එක්වී ඇති බවත් තවත් පිරිසක් පැමිණිමට නියමිත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සැබෑ තත්ත්වය වසන් කරමින් රජය බොරු ගොතමින් රටට ඇති එකම උත්තරය සහ විකල්පය වන සමගි ජන බලවේගය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම නිවුස් ප්ලාන්ට් කරමින් ජනතා විශ්වාසය දිනා ගත් සමගි ජන බලවේගය දෙකඩ කිරීමට ආණ්ඩුව ගන්නා මේ උත්සාහය පරාජය කරන බවත් ආණ්ඩුව හැරදා විපක්ෂයට මන්ත්‍රීවරුන් පැමිණියත් එසේ පැමිණෙන හැමෝම බාර ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවත් එසේ පැමිණෙන මන්ත්‍රීවරුන් අතුරින් නිවැරදි තෝරා ගැනීමක් සිදු කරන බවත් ඔවුන් රාජපක්ෂ වහලුන් නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
මේ අතර මෙරට ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක්ම වාරතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇති බවයි.
සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වුවහොත් ඒ සමගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විපක්ෂයට එක්වනු ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
ඉන් පසුව පාර්ලිමේන්තු විපක්ෂයේ බහුතරය තහවුරු කරගෙන නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස පත් කිරීම සැලසුම් වී ඇතැයිද සදහන්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද සඳහන් කර ඇත්තේ තමන්ට ඇමති ධුරයක් නොලැබීම මත තවදුරටත් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට සහාය දැක්වීමේ තේරුමක් නැති බවයි. ඒ අනුව නුදුරේදීම ඒ ගැන තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
තත්වය එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය පවා අහිමි වීමේ ඉඩකඩක් පවතින බවද දේශපාලන කරළියේ ප්‍රබල කතා බහක් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ සමගි ජනබලවේගයේ කිසිවෙකුත් ආණ්ඩුවට නොයන බවයි.සියල්ල කට කතා පමණක් බවද හෙතෙම පැවසීය.
සරත් සමරනයාක
