පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද (6) පෙරවරුවේ ඇති වූ බව වාර්තා වේ.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම කාරක සභාව තවමත් සාකච්ඡා කර නොමැති බවයි.

මුදල් කමිටු පනත ගැන කිසිම විශ්ලේෂණයක් තවමත් කර නැතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ උත්සහා දරන්නේ රාජ්‍ය මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ පැත්තකට දැමීමට දැයි ප්‍රශ්න කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ පනත ගැන තොරතුරු ඉල්ලා සිටි බවත් ඊයේ වන තුරු එම තොරතුරු ලැබී නැති බවත් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

දත්ත නැතුව පනත් කෙටුම්පත විශ්ලේෂණය කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරන ලදි.

Exit mobile version