කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් එරට වේලාවෙන් අද (11) උදෑසන 10 ට පමණ නේපාලයේ දී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමඟ පැවති සම්බන්ධතාව බිඳ වැටී ගොස් තිබූ අතර එහි පුද්ගලයින් හය දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.
එම පිරිස අතරේ පස් දෙනෙකු විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව සඳහන් වේ.
