පාසල් සිසුවෙකුට හෙල්මට් ප්‍රහාරයක්.

සිසුන් දෙදෙනෙකු අතර පාසලේදී ඇතිවූ කතාබහකින් පසු එක් සිසුවෙකු හට අනෙක් සිසුවා තවත් පිරිසක් සමග මග රැකගෙන සිට හෙල්මට් එකකින් සහ අතින් පයින් පහරදීම සම්බන්ධයෙන් තරුණයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත ,මීගහකෝවිල පාර සහ ඒ අවට පදිංචි තරුණයන් පිරිසක් වන අතර අත්අඩංගුවට පත්වූවන් අතර ආරවුලට මුල්වූ පාසල් සිසුවාද වන බව සඳහන්.

පොලීසිය පවසන්නේ සැකකරුවන් ඉකුත් 21 දා පස්වරුවේ පාසල නිමවා නිවස කරා යමින් සිටි සිසුවාට පහරදී දින 10 ක් පමණ පොලීසිය මගහැර සිටියදී අත්අඩංගුවට ගත් බවත් , පහරදීමට යොදාගත් හෙල්මට් එකද පොලිස් භාරයට ගත් බවත් ය.

Exit mobile version