ලංගම බසයක පැහැර ගැනීමක්.

මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් ලංගම රියදුරෙකුට පහරදී වෑන් රථයක දමා ගෙන පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොල සහ අනුරාධපුරය අතර ධාවනය වන ලංගම බස් රථයක රියදුරෙකු බවට පොලීසිය පවසයි.

පැහැරගෙන ගිය බස්රථ රියදුරා බස් රථයක ගමන් කරමින් සිටියදී එම බස් රථයට ගොඩ වූ පුද්ගලයින් සිව් දෙනකු ඔවුන්ට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.

ජයමාල ප්‍රදේශයේදී මාර්ගය හරස් කර එම බස් රථය බලහත්කාරයෙන් නතර කරගෙන ඇති බවට පොලීසිය සඳහන් කර තිබේ.

ලංගම බස්රථයේ සිටි සිව් දෙනා තුවාලකරු ද ඔසවාගෙන වෑන් රථයේ දමා ගෙන පලාගොස් ඇති බව සදහන්.

ලංගම බස් රථය පදවාගෙන ආ රියදුරා ගම්පොල පොලීසියට ගොස් මෙම සිද්ධිය ගැන පැමිණිලි කර තිබේ.

වෑන් රථයේ බලහත්කාරයෙන් දමාගෙන පලාගිය ලංගම බස් රථයේ රියදුරා ගැන තවම කිසිදු තොරතුරක් පොලීසියට ලැබී නොමැති බව වාර්තා වේ.

Exit mobile version