වතු කම්කරු ජනතාව අද යම්කිසි දෙයක් බුක්ති විදිනවා නම් එය ලබාදි ඇත්තේ 1940 ජනවාරි 19වන දින මුල්ඔය සටනේදි තම ජිවිතය පරිත්‍යාග කල ගෝවින්දන් සහෝදරයා නිසා බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති හා වමේ කේන්ද්‍රයේ කැදවුම් කරු වන චමිර පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම පෙරමුණේ පාක්ෂික හමුවක් හැටන් නගරයේ උත්සව ශාලාවක පැවති අවස්ථාවේදි මේ බව පැවසූ චමිර පෙරේරා මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
“පැය අටේ සේවය අවශ්‍ය බව පවසමින් 1940 වර්ෂයේදි පැවති අරගලයකදී එම වසරේ 19වන දින වතු කම්කරුවකු වූ ගෝවින්දන් සහෝදරයා මෙම කම්කරු ජනතාව වෙනුවෙන් එදා තම ජිවිතය පරිත්‍යාග කලා ඒ තුලින් තමයි මේ කම්කරු ජනතාවට යම් හෝ සේවයක් ලැබුනේ එම නිසා ජනවාරි මස 19වන දිනය කම්කරු විරු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රිලංකා කම්කරු ජනතා පෙරමුණ ඉදිරියේදි පියවර ගන්නවා.
මේ වන විට රනිල් රාජපක්ෂ අයි. එම්. එෆ් ආණ්ඩුව මේ රටේ කම්කරු ජනතාවගේ අර්ථසාදක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ බාර කාර අරමුදල කොල්ල කැමට උත්සහ ගනිමින් සිටිනවා අපි මෙය පරාජය කිරිමට පියවර ගත යුතුයි.
එමෙන්ම මේ වතුකරයේ අහිංසක වතු කම්කරුවන්ගේ මුට්ටි කාසිවලින් සුර සැප විදින ප්‍රභුවාදින් පිරිසක් සිටිනවා එයත් පරාජය කිරිමට අපි පියවර ගත යුතුයි.
මේ මුට්ටි කාසි තුලින් රුපියල් කෝටි ගණන් ලැබෙන අතර එයින් මේ සුර සැප විදින ප්‍රභුවාදින් අහිංසක වතු කම්කරුවන් පිළිබඳව කිසිම තැකීමක් කරන්නේ නැහැ. මෙය වෙනස් කිරිමට මේ වතු කම්කරු ජනතාව එකට එක් විය යුතුයි.
මේ වතුකරයේ බොහෝ වෘත්තිය සමිති නායකයන් සිතා සිටින්නේ මේ වතු කම්කරුවන් කියන්නේ කුකුල් පාම් එකක ඉන්න බොයිරල් කුකුලන් කියලායි මොවුන් මැතිවරණ කාලවලදි මෙම වතු කම්කරුවන්ගේ ඔලුගෙඩි පෙන්වලා මේ වතු කම්කරුවන් ප්‍රධාන පක්ෂවලට වෙන්දේසි කිරිමට පියවර ගන්නවා මෙය වෙනස් කිරිමට පියවර ගත යුතුයි.”
