මිල්ලනියේ බිහිසුණු ඝාතනයක් .

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි.

ඝාතනය සිදුකර ඇති පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මුදල් ආරවුලක් හේතුවෙන් එය සිදුකර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුවී ඇති බව වාර්තා වේ.

පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පොලීසිය අසලට දිවවිත් ඇති බවත් පොලීසියේ මැදිහත්වීමෙන් ඔහුව හොරණ මූලික රෝහලට ඇතුළු කර ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version