රෝහලක විදුලි සෝපානය තුළදී රෝහල් සහයිකාවකට ලිංගික අතවර.

දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයිකාවක ලෙස සේවය කරන කාන්තාවකට එම රෝහලේ විදුලි සෝපානය තුළදී ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්යය සහයකවරයෙකු දඹුල්ල මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහවෙල පොලිස් වසමේ පදිංචි 37 හැවිරිදි අයෙක් වන අතර ලිංගික අතවරයකට ලක්වූවා යැයි කියන සේවිකාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති බව සදහන් .

Exit mobile version