සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්.

වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක්ෂණික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලයක් එක්ව ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව මෙරට ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට පවතින සෞඛ්‍ය ගැටලුවලට උපදෙස් ලබා දීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ලෙස මෙය හදුන්වා දී තිබේ.

ඒ අනුව 077 367 9122 / 077 752 8588 හෝ 077 771 9558 යන දුරකථන අංකවලට ඇමතීමෙන් මෙම වෛද්‍ය සේවාව හා සම්බන්ධ විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Exit mobile version