යාපනයේ නිවසක් ගිනි ගනී.

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ ඉතා දිළිදු පවුලකට අයත් නිවසක් ඊයේ (21)දින ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගිනිගැනීම සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු කුළී වැඩට ගොස් සිටි අතර ඔහුගේ බිරිඳ අසල්වැසි නිවසකට ගොස් සිට ඇති බව වාර්තා වේ.

මේ දිනවල යාපනයේ ප්‍රදේශයේ පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් ගිනිගත් නිවස නිවා දැමීමට කිසිවෙකුටත් හැකියාව ලැබී නොමැති බව සඳහන්.

මෙම ගින්නෙන් නිවසේ සියලුම දෙනාගේ ඇදුම් හා පොත්පත් ද විනාශ වී ඇති අතර ඔවුන් පාසල් යන පාපැදියද විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

Exit mobile version