ඊයේ (14) සවස ලිදුල පොලිස් බල ප්‍රදේශයට අයත් මට්ටකැලේ වතුයායේ අංක 2 වතු නිවාස පේළියේ නිවසක මුළුතැන්ගෙයි ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම නිවසට සුළු හානි සිදුව ඇති බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් ලිදුල පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කරන ලද්දේ එම නිවසේ මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරය මාරු කිරීමට යාමේදී ඇති වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනිගැනීම සිදුව ඇති බවයි .
ගින්නෙන් නිවසට සුළු හානි සිදුව ඇති බවත් , ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බවත් , මේ පිළිබඳව ලිදුල පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා වේ .
