කිලිනොච්චිය , රාමනාදපුරම් , කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (05) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් නිවසට ගිනිතැබීම හේතුවෙන් දේපල සියල්ලක්ම සම්පූරණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ .
කල්මඩු ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ හිමිකරු විදෙස්ගතව සිටින අතර ඔහුගේ බිරිඳ පමණක් අදාල නිවසේ ජීවත්වන අතරතුරදී මෙම ගිනිතැබීම සිදුව ඇති බව සඳහන් .
ගිනිතැබීම සිදුවන අවස්ථාවේදී අදාල කාන්තාවද ඇගේ මවගේ නිවසට ගොස් සිටීම හේතුවෙන් නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී කිසියම් පිරිසක් ඇතුල් වී නිවසට ගිනිතබා පලා ගොස් ඇති අතර අදාල ගිනිතැබීම හේතුවෙන් නිවසේ තිබූ ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුතු උපකරණ ඇතුලු දේපල සියල්ලක්ම විනාශ වී තිබේ.
නිවසට ගිනිතැබීම සිදුකරන අවස්ථාවේදී නිවසේ තිබූ සී.සී.ටී.වී දර්ශනද විනාශ කර ඇති අතර පසුව අසල්වාසීන් විසින් නිවසේ ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබේ .
නමුත් ඒ වනවිටත් දේපල සියල්ලක්ම ගින්නෙන් විනාශ වී තිබූ බව වාර්තා වේ .
විදෙස්ගතව සිටින පුද්ගලයා සහ ගිනිතැබීම සිදුකරන ලද පුද්ගලයින් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ගිනිතැබීම සිදුකොට ඇති බවට පොලීසිය සැකපල කරන අතර ගිනිතැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බව රාමනාදපුරම් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .