මුම්බායි ඉන්දියන්ස් ට දැවැන්ත පරාජයක්.

අහමදාබාද් හිදී පැවැත්වුණු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද (26) පැවති අයි.පී.එල්. තරඟයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 55 ක දැවැන්ත පරාජයක් අත් වූ බව වාර්තා වේ.

මෙම තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 6ක් දැවී  ලකුණු 207ක් ලබා ගත් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 152 ක් පමණි.

Exit mobile version