තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා එම නිවේදනය බලපැවැත්වේ.
එම ප්‍රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 – 45ත් අතර වේ.
ඉහත මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්.
