අත්අඩංගුවට ගන්න ආවා යැයි පොලිසියට උදැල්ල උස්සලා.

පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට උදැල්ලකින් පහර දීමට තැත් කළ අඹුසැමි යුවළක් හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

අත්අඩංගුවට ගත් සැමියා 52 හැවිරිදි යුධ හමුදා විශ්‍රාමික සෙබළකු බවත් , ඔහුට එරෙහිව ඇති නඩුවක වරෙන්තු කරුවෙකු වී ඇති හෙයින් ඔහුව අත්අඩංගුවට ගැනීමට 6 කණුව, උඩුවර ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙලෙස පහර දීමට තැත් කර තිබෙන බවත් සඳහන් .

අත්අඩංගුවට ගත් යුවළ අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version