කොස් ගහක් කඩා වැටී පාසල් දරුවන් 8ක් රෝහලේ.

කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් සුළඟට ඉදිරී  ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් දරුවන් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කළ බව වාර්තා වේ.

මෙලෙස විද්‍යාලයේ ගොඩනැගිල්ල මතට කොස් ගස කඩා වැටීමෙන් ගොඩනැගිල්ලේ වහලයට සෙවිලි කර තිබූ උළු කැට බිඳී එහි කැබලි හතරක් පන්තියේ ඉගෙනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට වැටී තිබේ. ඉන් තුවාල ලැබූ දරුවන් අට දෙනා ත්‍රී රෝද රථ මඟින් කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

තුවාල ලැබූ දරුවන් අතරේ ශිෂ්‍යයන් හත් දෙනෙකු සහ එක් ශිෂ්‍යාවක් සිටින බව වාර්තා වේ.

Exit mobile version