හරීන් සහ මනූෂගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්.

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසි වලින් හයක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර තිබෙන බවට සඳහන් කර තිබේ.

“දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබේ, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධ ය, ඒ දේවමාළිගාව ඔබ ය.”

යනුවෙන් ශාන්ත පාවුළුතුමන් පවසා තිබෙන බව කියන අමාත්‍යවරු අර්බුදයක් නිර්මාණය කොට ඒ මතින් බලය ලබාගත් කිසිවකුට එකී බලය පවත්වාගෙන යා නොහැකි බව ස්වභාදහම විසින් පවා ඔප්පු කොට තිබෙන බවද සඳහන් කරති.

Exit mobile version