පසුගිය (30) වැනිදා රාත්‍රියේ විසි හැවිරිදි තරුණයෙකු තම පෙම්වතිය හමු වීම සඳහා පෙම්වතිය පදිංචිව සිටි මුද්දරගම , වත්තේගෙදර ප්‍රදේශයේ පිහිටි නිවස අසලට ගොස් ඇති අතර පෙම්වතියද නිවැසියන්ට හොරා නිවසින් බැහැරට විත් පෙම්වතා සමඟ කතා බහ කරමින් සිට ඇත. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පෙම්වතියගේ පියා විසි හැවිරිදි තරුණයාට උදැල්ලකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.
පහර කෑමට ලක් වූ තරුණයා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදී. මෙම තරුණයා වේයන්ගොඩ , එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.
මෙම පහර දුන් සිද්ධියට අදාළ පෙම්වතියගේ පියා ඊයේ (31) නුංගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා කරයි.
