මුලත්ව් රෝහලේ දී මවකට සිදු කළ සැත්කමකින් අනතුරුව ඇයගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් 1 ක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වී තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඇයගේ ස්වාමිපුරුෂයා විසින් ඊයෙ (27) උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් .
අදාළ කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා මුලතිව් රෝහල වෙත රැගෙන ගිය බවත් , ඇයව රෝහලේදී සිසේරියන් සැත්කමකට භාජනය කළ බවත් , එම සැත්කමින් පසුව ඇයගේ උදරයේ දැඩි වේදනාවක් හට ගත් බවත් , එය දින ගණනාවක් යන තුරු පහව නොගිය බවත් මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සඳහන් කර තිබේ .
එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම වේදනාව හේතුවෙන් ඇයව වාර 12ක් රෝහල වෙත රැගෙන ගිය බවත් , වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමාට සහ තම බිරිඳට සිදු වූ මානසික කම්පනය හා ශාරීරික වේදනාව වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ වෛද්‍යවරුන් හට නිසි දඬුවම් ලබා දිය යුතු බවත් ය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරුන් තිදෙනෙකු උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය විසින් පත් කර ඇති බව වාර්තා වේ .
