ගාල්ල , ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද (20) නාය ගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පසුගිය දිනවල ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇති අතර කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති බව සඳහන් .
නමුත් ඉන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර ගාල්ල බද්දේගම ,මාපලගම,කරාපිටිය ඇතුලු මාර්ග රැසක බස් ධාවනය වන්නේ මෙම මාර්ගයේය.
එමෙන්ම දිවා කාලයේ විශාල ජනතාවක් ගැවසෙන ප්‍රදේශයකි.
වාර්තා වන ආකාරයට නාය යාමට ලක්ව ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ,සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා තිබේ .
