නාය යෑම් අනතුරු ඇඟවීමක් .

පවතින වැසි සහිත කාලගුණය නිසා දිස්ත්‍රික්ක හතරකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රත්නපුර, ගාල්ල,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම ප්‍රදේශ වල ජනතාව වැසි සහිත අවස්ථා වලදී දැඩි අවධානයකින් පසුවන ලෙසට ඉල්ලා සිටී.

පවතින වැසි සහිත කාලගුණය තව දින කිහිපයක් පැවතිය හැකි බව ද සඳහන් කර තිබේ.

Exit mobile version