ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබෙන අතර සැකකාර දියසෙන්පුර ඩීපෝව භාර නිලධාරියා පොළොන්නරුව පොලීසියට භාරදීමෙන් පසු කොළඹට රැගෙනවිත් තිබේ.