ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැලිතැන්න සංජීව හා බලපිටියේ බැජි යන පුද්ගලයින්ගේ ගෝලයෙකු හෙරෝයින් ග්‍රෑම් 7ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම සැකකරු මීට පෙර අවස්ථා තුනකදී හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඌරගස්මංහන්දිය පොලීසිය වෙත භාර දී තිබේ .
