මුදල් නිදහස් කිරීම පිළිබඳ නවතම යෝජනාවක් .

අත්‍යාවශ්‍ය අපනයන කාර්යන් සදහා අවශ්‍ය කරන මුදල් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රටේ මූල්‍ය නියාමන තීරණ මත සංවර්ධන කාර්යන් සදහා මුදල් වෙන් නොකළද කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර ආදායම් උත්පාදන කාර්යන් සදහා මුදල් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව කදාන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදී.

“මේ අවස්ථාවේ සංවර්ධන වැඩකටයුතු සඳහා විශාල මුදල් වෙන් නොකෙරුවත් ඒ සඳහා චක්‍රලේඛන තිබුණත් අපේ රටට ආදායම ගෙනඑන අපනයනය සඳහා අවශ්‍ය කරන දේවල්වලට මුදල් යෙදවීම නවත්වන්නට බැහැ. නවත්වන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආයතනවලට එවැනි ගැටලුවක් තියෙනවානම් ඒ සඳහා කැබිනට් මණ්ඩලයට ඒ අදාළ කැබිනට් ඇමතිවරු සාකච්ඡා කරලා අපිට මැදිහත් වෙලා ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ලබාදෙන්න අපිට හැකියාව අපිට තියෙනවා. ඒ නිසා හැම නිලධාරියෙක්ම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලට දේවල්වලට පමණක් යොදවලා අපේ රටේ ජනතාවගේ ආදායම වැඩිකරන අපනයන වැඩිකරන්න අවශ්‍ය කරන මුදල් අනිවාර්යෙන්ම නිදහස් කරන්න කටයුතු කරන්නට ඕනේ මම ඒක ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලය එක්ක කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්න බලාපොරොත්තු වෙනවා.”

Exit mobile version