ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද රගර් ස්ථාවරකරණ කමිටුව තමන් පිළිනොගන්නා බව පවසමින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර රගර් සම්මේලනය වෙත ලිපියකින් දැනුම් දුන් බව වාර්තා වේ.
මේ වන විට විසුරුවා ඇති නිලවරණයෙන් බලයට පත් වූ කමිටුව පමණක් පිළිගන්නා බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර ඇති අතර අදාළ ලිපියේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව , ආසියානු ඔලිම්පික් කමිටුව , ආසියානු රගර් සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කළ බව සදහන්.
