ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සමාජයේ ඇති විරෝධය මහා නාහිමිවරුන් ජනපතිට දන්වති!

විශේෂඥ මණ්ඩලයක් හරහා නුසුදුසු  වගන්ති ඉවත් කිරීමට පියවර ගන්නැයි  ඉල්ලති !

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හා සාමකාමි විරෝධය පල කිරීමට ජනතාවට ඇති අයිතිවාසිකම් අහිමි වන බවට සමාජයේ පුළුල් මතයක් නිර්මාණය වී ඇති බැවින් ඊට සංශෝධන එක් කිරීමට අවධානය යොමු කරන ලෙස දන්වා ඒ  පිළිබඳව කරුණු  පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක්  යොමුකර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කිරීම සුදුසු බවත් මහා නාහිමිවරුන් යොමු කළ ලිපියේ  සඳහන් වේ.

(සරත් සමරනායක)

Exit mobile version