අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව විසින් ඇගයීම් කටයුතුවල නිරතවන ගුරුවරුන් වෙත ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 5,00000ක අත්තිකාරම් මුදල අද (15) දක්වා නොලැබීම හේතුවෙන් අද (15) සිට එම ගුරුවරුන් ඇගයීම් කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව පෙරදිග බටහිර කර්ණාටක සංගීතය , චිත්‍ර , ගෘහ විද්‍යාව , නාට්‍ය හා රංග කලාව යන විෂයන් වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් ඉවත්ව සිටින බවත් , කොළඹ , ගම්පහ , කුරුණෑගල ඇගයීම් මධ්‍යස්ථානවල මේ වන විට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර වී ඇති බවත් සඳහන් වේ.
නමුත් හෙට (16) වන විට අවශ්‍ය දීමනා ගෙවීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
