පහර දීමකින් පුස්තකාලයාධිපතිවරයෙක් රෝහලේ.

පහරදීමක් හේතුවෙන් හෝමාගම බණ්ඩාරණායක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .

අනවසරයෙන් පොතක් රැගෙන යාමට තැත් කළ හෝමාගම ප්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු විසින් මෙලෙස පහර දීම සිදු කර ඇති අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පහර දීමක් සිදුව නොමැති බවත් , පෞද්ගලිකව පරික්ෂා කළ ද කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවත් ය.

පසුගිය 14 වනදා සවස රාජකාරී කරන අවස්ථාවේදී පහර කෑමට ලක්වූ පුස්තකාලයාධිපතිවරයා මේ වන විටත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

Exit mobile version