ඊයේ (23) සවස මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේදී සතුන්ට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් දරුවෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට වගා කටයුත්තක් සඳහා අවශ්‍ය ඉනි කැපීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග අසල කැලෑ බද ප්‍රදේශයකට ගියවිටදී මෙම අනතුර සිදුවී තිබේ .
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 15ක පමණ දරුවෙක් බව සඳහන් .
තුවාල ලැබූ දරුවා මීගලෑව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා තිබේ.