ලොරි රථයක් පෙරළෙයි – 03 ක් රෝහලට

හාලිඇල උණගොල්ල මාර්ගයේ අද (23) උදෑසන ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හාලිඇල සිට උණගොල්ල ප්‍රදේශයේ කිරි එකතු කිරීම සඳහා ගමන් ගත් ලොරි රථයකි.

රියදුරු හට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය පෙරළී ගොස් ඇති බව සඳහන්.

Exit mobile version